කාන්තා පිරිමි දෙපක්ෂයම තරබාරුකම නිසා වර්තමානයේ හරිම කායික සහ මානසික පීඩාවක් විඳිනවා. මේ වදයෙන් නිදහස් වෙන්න හැමෝම කරන්නේ නැති දෙයක් නැහැ. ඒත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ හරිම අඩුවෙන්. මේ කියන්න සුදානම් වෙන්නේ තරබාරු බව මට්ටු කරන්න පුළුවන් රසවත් අතුරුපසක් පිළියෙල කරන ආකාරය පිළිබඳව.

ඊට අවශ්‍ය වෙන්නේ,

  • ලෙමන් හෝ දෙහි යුෂ
  • ඔලිව් තෙල්
  • මී පැණි

මෙන්න මේ මූලික දේවල් තමයි අවශ්‍යම. ඉන් පසුව ඔබ කැමති ආකාරයකට සලාදයට එලවලු පලතුරු යොදාගන්න පුළුවන්. මේ වගේ ද්‍රව්‍ය භාවිතා කරන්නත් පුළුවන්.

  • සලාද කොළ
  • හාතාවාරිය
  • පිපිඤ්ඤා
  • ආමන්ඩ් ඇට, කජු හෝ වොල්නට්ස්

හැබැයි මතක තබාගන්න ඕන අනිවාර්යෙන්ම කැලරි අඩුවෙන් තියන ද්‍රව්‍ය තමයි ඒ සඳහා සුදුසුම වෙන්නේ.

සකස් කරගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට දෙහි යුෂ හෝ ලෙමන් යුෂ වැඩි වශයෙන් භාජනයට දමා ගැනීම අවශ්‍ය වෙනවා. ඉන්පසුව ලෙමන් වල තියෙන ඇඔුල් ස්වභාවය පාලනය කරන්න යොදා ගන්නේ හොඳම වර්ගයේ ඔලිව් තෙල් තේ හැන්දක් විතර. ඊට පස්සෙ තමයි අපිට මී පැණි අපේ සලාද එකතු කරගන්න පුලුවන් වෙන්නේ. දැන් මිශ්‍රණය හොදින් මිශ්‍ර කරන්න ඕනේ. දැන් අපේ මූලික මිශ්‍රණය සාදා ගෙන අවසන්. ඉන්පසුව අපි ආමන්ඩ් ඇට අහුරක් අපේ දියරයට එක්කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන විනාඩි විස්සක් විතර තියෙන්න අරින්න ඕන. එකතු ඇට වර්ග කරගත් මේ දියර සමග හොඳින් මොලොක් වෙනවා. එතකොට අපිට ආහාරයට ගන්න හරිම පහසුයි. දැන් මේ රස සලාදයට අවශ්‍ය කරන කෑම වට්ටෝරුවේ අනෙක් ද්‍රව්‍ය කරගන්න. සියල්ල එක් කරගත් පසුව ඔබට සරිලන පරිදි රසවත් සලාදය සකස් කරගන්න. දිනපතා ඔබේ ආහාර වේලට මේ ගුණදායක සලාදය ආහාරයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම රාත්‍රියට වගේ මේ සලාදය ආහාරයට ගැනීම ගුණදායක වෙනවා. ඉන් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන් වෙනවා. දිනපතාම එකම එලවලුවෙන් මේ සලාදය පිලියෙල කරනවා වෙනුවට ඉහතින් සදහන් කරපු මූලික අමුද්‍රව්‍ය ටික එකතු කරලා සතිය පුරාවටම කැලරි අඩු ප්‍රමාණයක් තියන එලවලු පලතුරු වර්ගය බැගින් එකතු කරලා මේ රසවත් සලාදය පිලියෙල කරගන්න පුළුවන්.

දිනපතාම මේ වගේ සැහැල්ලු ආහාර වේලක් සිරුරට ලබාගත් විට තරබාරු බව මට්ටු කරන එක ඔබට සිහිනයක් වෙන්නේ නැහැ. උත්සාහ කරල බලන්න. මේ වගේ සැහැල්ලු ආහාර දිනපතා ආහාරයට ගෙන ඔබේ සිරුරේ තරබාරු බව දුරලා සිහින් හැඩැති සිරුරක් ලබාගන්න උපකාරී වේවි. (aayubo)

Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version