මුම්බායි හි වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බැස්වීමකට සුදානමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගුවන් යානය ගොඩබෑමේ දී ගුවන් පථයෙන් ඉවතට පැන ඇති අතර ඉන් ගුවන් යානයේ එංජිමට සහ පසුබස කොටසට හානි සිදුව ඇති බවය.

කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ධාවන පථයට සුළු හානි සිදුවූ අතර, සියලු මගීන් ආරක්ෂිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share.
Leave A Reply

Exit mobile version