තුර්කි ඉරාන දේශසීමාවේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාව සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් ලෙසය. භූමි කම්පාවෙන් සිවු දෙනකු මියගිය බවත් 122 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ඉරානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. මරණ සහ තුවාල ලැබූවන් වාර්තා වන්නේ ඉරානයේ කොයි නමැති නගරයෙනි. නගරයේ නිවාස රැසක් ද භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි පැවැසෙයි. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.