සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලට අදාළ ඉන්ධන අවශ්‍යතා, ප්‍රවාහන සැලසුම්, ඉන්ධන තොග ලබාගැනීම සඳහා වන මූල්‍ය පහසුකම් පිළිබඳව මෙහිදී සමාලෝචනය කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම ඉදිරි මාස දෙකක කාලය සඳහා බොරතෙල් පිරිපහදු අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version