රුසියන් යුක්රේන අර්බුදය හමුවේ, බලශක්ති අර්බුදයකට මුහුණ දෙන ජර්මනියට, ප්‍රංශයෙන් ගෑස් සැපයීම මේ වනවිට ආරම්භ වී ඇතැයි පැවැසෙයි.

ප්‍රංශයෙන්, ජර්මනියට ගෑස් සැපයීමක් සිදු කරන පළමු අවස්ථාව මෙයයි.

ජර්මනිය මීට පෙර ගෑස් ආනයනය සිදුකළේ රුසියාවෙනි.

කෙසේ නමුත් රුසියාවෙන් යුක්රේනයට එල්ල වන කෙණෙහිලිකම් සැලකිල්ලට ගනිමින්, රුසියාවෙන් ගෑසම් මිලදී ගැනීම නැවැත්වීමට ජර්මනිය තීරණය කළේය.

රුසියාව ද ජර්මනියට ගෑස් සැපැයීම නැවැත්වීමට තීරණය කළේය.

අවසානයේ දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට දෙකක අඩු ප්‍රමාණයක් ප්‍රංශයෙන් ලබා ගැනීමට ජර්මන් රජය තීරනය කළේය. (බීබීසී)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version