අධික සීතල දරා ගැනීමට නොහැකිව, ඇෆ්ගන් වැසියන් 70 දෙනකු සහ ගවයන් 70,000 ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඇෆ්ගන් ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, ඇෆ්ගන් වැසියන් සහ ගවයන් මියගොස් ඇත්තේ පසුගිය සති දෙකක කාලයේය. ඇෆ්ගනිස්තානයට බලපෑ මෙම අධික සීතල මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය කිරීමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

ඇෆ්ගනිස්තානයේ පළාත් රැසක උණුසුම සෙල්සියස් අංශක රින 33 කෙන් අඩු වී ඇති බව පැවැසෙයි. අධික සීතලෙන් වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ ඝෝර් දිස්ත්‍රික්කයටය.

මෑත ඉතිහාසයේ ඇෆ්ගනිස්තානයට බලපෑ දැඩි සීතල කාලගුණ තත්ත්වය මෙය යැයි ද පැවැසෙයි. දේශීය ආහාර නිෂ්පාදන කටයුතුවලට ද අධික සීතලෙන් බලපෑම් එල්ල වී තිබේ. ඇෆ්ගන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ දැඩි සීතල කාලගුණය තව සති කීපයක් පවතිනු ඇති බවය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version