කටාර් බලා පිටත් වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබඳ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා සමගද සාකච්ඡා කළ බවයි.
බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්ධන, ගෑස්, සහ එල්.එන්.ජී ලබා ගැනීම පිළිබද මෙහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.