ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 5 වන එක්දින තරගයේ කාසිය වාසිය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුව ඇති අතර ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එමෙන්ම නවක ක්‍රීඩක ප්‍ර‍මෝද් මධුෂාන්ට ද අද තරගයේ දී එක්දින වරම් හිමි වුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් වෙනුවට ජොෂ් ඉංග්ලිෂ් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version