හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාගය සඳහා දින නියම වී තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ මාර්තු 21 වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී එම නඩුව කැඳවීමට නියමිතයි.

2015 පෙබරවාරි 27 වැනි දා පැවති මහා බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688 ක අලාභයක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version