ලබන අප්‍රේල් මාසයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේදී ලබාදීමට කටයුතු කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ.

ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කර පවත්වාගෙන යාමට නම් ප්‍රතිව්‍යුගතකරණය සිදුකළ යුතු බවද අමාත්‍යවරයා මෙහෙදී වැඩිදුරටත් සඳහන් කළා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version