අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවලින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත උර තොගයක් පල්දෝරැව පිහිටි භුමියේ කපන ලද වළකට බැහැර කිරිමට යාමේදි පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවෝ 28 දෙනෙක් රෝගාතුරව රෝහල් ගත කළහ.

මෙම සිද්ධියට ලක්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවිත්‍රතා ඒකකයේ සේවය කරන පුද්ගලික ආයතනයක සේවක සේවිකාවන් පිරිසකි.

සැත්කම්වලින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය හා වාට්ටුවලින් බැහැර කරන ලද එන්නත් ප්ලාස්ටර් සහිත බෑග් පල්දෝරැ භුමියේ කැණිම් කළ වලක් තුළට බහාලිමට සුදානම්වු අවස්ථාවේදි එම බැග් විවෘත කිරිමත් සමග පිටවු විෂ වායුව ආඝ්‍රාණය විම නිසා මෙම පිරිස රෝගාතුරව තිබුණි.

මෙහිදි කාන්තාවන් 21 දෙනකු හා පිරිමි පුද්ගලයන් 07 දෙනකු දැඩි සත්කාර ඒකකයේ සහ අනෙකුත් වාට්ටුවල ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version