මෙරට පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතයි.

2022 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම, දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාපිත ලේඛන පිළිබද සහ රට තුළ පවත්නා සමාජ හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙසට සියලුම දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිසම ලිඛිතව දැනුම්දී ඇති බවටයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version