සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් එක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සෙනසුරාදා ප්රකාශ කළේය.
වෙනත් පක්ෂවල දූෂිතයන් සමඟ එක්ව නිර්මාණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකින් ජනතා අපේක්ෂාවන් ඉටු කළ නොහැකි බව තමාගේ අදහස බවද ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.
පවතින අර්බුදවලින් ගොඩ ඒමට නම් තමන්ට එරෙහිව දූෂණ චෝදනා නොමැති මන්ත්රීවරුන් 50 ත් 60 ත් අතර ප්රමාණයක් තෝරා ගන්නා ආණ්ඩුවක් තෝරා ගත යුතු බව ද ෆොන්සේකා වැඩිදුරටත් පැවසීය.