ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති ලෝ සුපතල ලියනාඩෝ ඩාවින්චි ගේ සුප්‍රකට මොනාලිසා සිත්තමට පුද්ගලයෙකු ප්‍රහාරයක් සිදුකොට තිබේ.
කෙසේ නමුත් එහි ඇති සුරක්ෂිත වීදුරු ආවරණය හේතුවෙන් සිතුවමට කිසිම හානියක් සිදුවී නොමැති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.
ඉතා වයසක කාන්තාවක ලෙස සැරසී මෙම ප්‍රහාරය කල මෙම තැනැත්තා පිරිමි පුද්ගලයෙකි. ඔහු එසේ පහර දී ඇත්තේ ඇතුලට රැගෙන ආ කේක් එකකින් බව විදෙස් වාර්ථා සඳහන් කරයි.
36 වියෙහි පසුවන ඔහු පරිසර ක්‍රියා කාරියෙකු බව පරීක්ෂණ වලදී හඳුනාගෙන ඇත.
මෙය සිදුවී ඉතා සුළු වෙලාවක් ඇතුලත එම සැකකරු ආරක්ෂක අංශ මඟින් සාර්ථකව අල්ලාගෙන ඇතිබව තොරතුරු අනාවරණය වේ.