සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වට කිහිපයේදී සෑම දේශපාලන පක්ෂයක්ම ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා (08) වන විට එම සාකච්ඡාවලට සහභාගි වූ සියලුම දේශපාලන පක්ෂ වෙත ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළා.
සාකච්ඡා කිරීමට ඉතිරිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් පමණක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ, ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා දේශපාලන මතවාද පසෙක දමා සර්ව පාක්ෂික පාලනය සඳහා සියලු දෙනා දක්වන උනන්දුව අගය කළේය.