අද (04) ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එම සාකච්ඡාව අද සවස 4.00 ට පැවැත්වීමට ඒ අනුව නියමිත බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළේ.
වර්තමාන අර්බුදය විසඳීම උදෙසා කුඩා කැබිනට් මණ්ඩලයක්, නිශ්චිත යම් වැඩසටහනක් සහ නිශ්චිත කාලවකවානුවක් සහිතව සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටවිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
ඉහත කී කරුණුද ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් අද දිනයේ මූලිකවම සාකච්ඡා කරන බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කළේ.