අද අපි ඔයාලට ගෙන එන්නේ හැමදාම වගේම එකම විදිහට කන නූඩ්ල්ස් (Noodles) වලට වෙනසක් එක් කර ගන්නා ආකාරයයි. මෙහිදී අප මිනුම් කිරුම් කිසිවක් නොමැතිව ඔබට එය සකස් කරගන්න ක්‍රම කිහිපයක් පිළිබඳව කෙටියෙන් පැහැදිලි කර දෙන්න හිතුවා.
මෙය සකස් කිරීම සදහා ඔබට අවශ්‍ය ලෙස අමුද්‍රව්‍ය යොදා ගන්න.
නූඩ්ල්ස්, චිකන් තෙම්පරාදුව
කුකුල් මස් කැබලි වලට කපා ඒ භාජනයටම කැරට්, අල, සුදුළූණු, රතුළූණු , ඉඟුරු, සහ ලුණු එක් කර හොදින් තම්බා ගන්න. දැන් මස් වල කටුවලින් මස් සිහින් කැබලි සේ ගලවා පැත්තකින් තබන්න. කුකුල්මස් තැම්බූ වතුරෙන්ම (චිකන් ස්ටොක්) නූඩ්ල්ස් දමා ඉදෙන තුරු රත් කරන්න.
දැන් තම්බා ගත් එළවළු සහ කුකුල් මස් නූඩ්ල්ස් (Noodles) සමග හොදින් කලවම් කර ගම්මිරිස් කුඩු ටිකක් ඉසින්න. කැමැති නම් තෙම්පරාදු කර ගත්තාට වරදක් නැහැ. පාස්ලි, තක්කාලි පෙති වලින් සරසා ගන්න.
නූඩ්ල්ස් කට්ලට්
නූඩ්ල්ස් සහ අල තම්බාගෙන පොඩි කරන්න. කට්ලට්වලට මෙන් ගම්මිරිස් , ලුනු, අමුමිරිස්, රතුලුනු, කරපිංචා ආදිය එක් කරල පැතැලි බෝල තනා ගෙන බිස්කට් කුඩු මිශ්‍රණයේ දමා සමාන්‍ය කට්ලට් ආකාරයට බැදගන්න.
නූඩ්ල්ස් කටට සැරට
නූඩ්ල්ස් (Noodles) තම්බා ගන්න. දැන් තෙල් ලිප තබා එයට මිරිස් කරල් කිහිපයක්, ඉඟුරු, සුදුළූණු, ආදිය දමා එලවළු එක් කරගන්න.
නූඩ්ල්ස්ද මේ තෙම්පරාදුවට දමා පසෙකින් තබන්න. දැන් කටට සැර අවශ්‍ය අයට ඔබ විසින්ම පිලියෙල කර ගත් මේ සෝස් එක එකතු කරන්න පුලුවනි.
සෝස් එක සාදා ගන්නේ මෙහෙමයි.
කරල් මිරිස් 20 ක් උනුවතුරේ දමා විනාඩි 20 ක් තබන්න. එයටම සුදුළූණු, බික් 10 ක්ද එක් කරන්න. දැන් මේ මිරිස් සහ සුදුළූණු බ්ලෙන්ඩ් කර ගන්න. ලුණු ටිකක් එකතු කරන්න.
කටට සැරට අවශ්‍ය නම් මුලින් සාදා ගත් නූඩ්ල්ස්වලට මේ සෝස් එකතු කර ගෙන කලවම් කරන්න. සැර පාටට පෙනේවි. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.