අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (9) සවස ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවිය. සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කළේය.
ජූනි මස 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හිමියන්ට දැනුම් දුන්නේය. මාසය අවසන් වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු පැහැදිලි කළේය.
පවතින ආහාර හිඟය හේතුවෙන් තමන් රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන දියත් කරන බවද ඔහු පැහැදිලි කළේය. ආහාර සුරක්ෂිතතා වැඩසටහන තුළින් ආහාර වේල් 3ක් ලබා ගැනීමට නොහැකි ජනගහනයෙන් 10% කට නොමිලයේ ආහාර ලබාදීමට රජයට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
තත්ත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහාය වන ලෙස ඔහු මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය. අවශ්‍ය අවස්ථාවලදී මාධ්‍ය විසින් රජයට වගවිය යුතු බවත්, නමුත් ඒ සමඟම වගකීම් සහගත වාර්තාකරණයක් අනුගමනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
ආණ්ඩුවේ මුලපිරීම් පිළිබඳව ප්‍රශ්න කළ විට අගමැතිවරයා පැහැදිලි කළේ ආර්ථිකයට සිදුවන හානිය නිසා එහි ප්‍රතිවිපාක රටට විඳීමට සිදුවන බවයි. කෙසේ වෙතත්, රජය මූල්‍ය සහ සැපයුම් ආධාර ලබා දීම තුළින් බලපෑම අවම කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ඔහු පැවසීය. සමාජ අංශය සඳහා රු. බිලියන 200 ක සහාය මූල්‍ය ආරක්ෂණ ජාලයක්ද රැස්කරමින් සිටින බව හෙතෙම එහිදී පැවසීය.
ජපානයේ විශ්වාසය යළි ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය. ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබා දෙමින් රටවල් ඉදිරියෙන් සිටින බවත්, කෙසේ වෙතත් කිසිදු රටක් නොමිලේ ඉන්ධන ලබාදීමට පියවර නොගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම ඉදිරි මාස කිහිපය රටට නිවැරදිව දැක බලා ගැනීමට මාධ්‍ය සංවිධානවල සහය මත විශ්වාසය තබන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. (අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය)