“ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා.
ඒ අනුව මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපදෙස් පරිදි සංවිධානය කරන මෙම සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30වන අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගිවීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව ඵලදායී කථිකාවක් සඳහා මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.