උතුම් සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට මේ දිනවල පැවැත්වෙන බුද්ධරශ්මි ජාතික වෙසක් කලාපයට සමගාමීව සාමණේර හිමිවරුන් සියක් නමක් ගේ සහභාගිත්වයෙන් පිඬුසිඟා වැඩීමේ පින්කමක් ඊයේ (03)පෙරවරුවේ පැවැත්විය.

කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට කොළඹ මහ නගර සභා පරිශ්‍රය දක්වා වැඩම කළ මෙම පිණ්ඩපාත චාරිකාවේදී ගංගාරාමයට ආසන්න පිහිටි බිෂොප් විද්‍යාලයේ සිසුවියන්ද සාමනේර හිමිවරුන්ට දානය පිරිනැමීම විශේෂ සිදුවීමක් විය. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version