ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ක්‍රියාවලියට සමගාමීව පැවති සාකච්ඡාවලදී සියලු ණයහිමියන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළකළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සම්මන්ත්‍රණ අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙරට බැංකු පද්ධතියේ අර්බුදයක් ඇතිවනු දැකීම අපේක්ෂා නොකරන බව සෑම ණයහිමියෙක්ම පැහැදිලිව ප්‍රකාශ කළ බවද, ඉදිරියේදී හෝ ණය හිමියන්ට ඔවුන්ගේ ණය නැවත අයකර ගැනීම සඳහා මෙරට ශක්තිමත් බැංකු පද්ධතියක් පැවැතිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා.
එසේම ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීරණයවීම රඳාපවතින්නේ, වැදගත් යැයි හඳුනාගැනුණු ප්‍රතිසංස්කරණ බලධාරීන් විසින් කෙතරම් සාර්ථකව ක්‍රියාවට නංවන්නේද යන සාධකය මත බවද, එම සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව ආර්ථිකය ස්ථාවරකොට ඉදිරියට ගෙනයාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් උදා නොවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.