Colombo Vs Kandy
මෙවර ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට කොළඹ කණ්ඩායමේ අංක 10 පිතිකරු ප්‍රභාත් ජයසූරියට හැකි විය.
කොළඹ කණ්ඩායමේ කඩුලු 8ක් ලකුණු 126 කට බිඳවැටී තිබියදී පිටියට පැමිණි ප්‍රභාත්, නිසල් තාරක සමග එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 82ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර එය මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතක සබඳතාවය ද විය.
කොළඹ කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස ප්‍රභාත් දැවී ගිය අතර ඔහු හතරේ පහර 5ක් ද ඇතුළුව ලකුණු 51ක් ලබා ගත්තේය.
කොළඹ කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවර කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 60කට කඩුලු 5ක් දවාගත් අතර ඔහුට අනගි සහායක් ලබා දුන් නිම්සර අතරගල්ල කඩුලු 4ක් දවා ගත්තේය.
කොළඹ ඉනිම ලකුණු 214කට සීමා වූ අතර නුවර කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 02ක් දැවී ලකුණු 96ක් ලබා සිටියේය.
ලකුණු සාරංශය: කොළඹ 214 (සියලු දෙනා දැවී)
ප්‍රභාත් ජයසූරිය 51, නිසල තාරක 38, රොෂේන් සිල්වා 21
පන්දු යැවීම – ලසිත් ඇඹුල්දෙනිය 60/5, නිම්සර අතරගල්ල 62/4
Galle Vs Dambulla
ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ (19 වැනිදා) පැවති තරගයේදී දඹුල්ල කණ්ඩායමේ කඩුලු 5ක් බිඳ දැමීමට කවිශ්ක අංජුල සමත් වූයේය.
ඒ අනුව දඹුල්ල පළමු ඉනිම ලකුණු 155 කට සීමා කිරීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභීයා වීමට ලකුණු 31ක් ලබාගත් නිමේශ් ගුණසිංහට හැකි විය. දිනය නිමා වන විට ගාල්ල කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 90ක් ලබා සිටියේය.
ලකුණු සාරාංශය දඹුල්ල – 155 (සියලු දෙනා දැවී) නිමේශ් ගුණසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලක්ශාන් සඳකැන් නොදැවී 26, චලන ද සිල්වා 23, ලසිත් අබේරත්න 24,
පන්දු යැවීම – කවිශ්ක අංජුල 23/5, අසංක මනෝජ් 35/2, රමේශ් මෙන්ඩිස් 11/2 (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.