ලොව ජනප්‍රිය සහ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන Bungee Jumping හෙවත් බංගී පැනීම නෙළුම් කුළුණ පරිශ්‍රයේ ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

කොළඹ නෙළුම් කුළුණ ක​ළමණාකරණ ආයතනය විසින් ඒ සඳහා වන ගිවිසුම සිංගප්පුරුවේ “Go Bungee” ආයතනය සමඟ අත්සන් තබා ඇති අතර, 2023 ජනවාරි 01 වැනිදා සිට නෙළුම් කුළුණේ සිට බංගි පැනීම් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම බංගි පැනීම් මීටර් 350ක උසකින්, දිනකට වාර 130ක් පමණ සිදුකිරීමට සැලැසුම් කර ඇති අතර, නෙළුම් කුළුණ ආලෝකමත් කළ පසු රාත්‍රී කාලයේ දී පැනීම් 30-40ක් සිදු කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version