අප දන්නා නිදහස පිළිබඳ පැහැදිලි කිරීම නම් “එකෙකුගේ නිදහස අනෙකාගේ නාසය අසලින් අවසන් වේ” යන්නයි. වර්තමාන සෑම රටකම පාහේ (සංවර්ධිත චින්තනයක් සහිත රටවල පමණක්) තව කෙනෙකුගේ නිදහසට ගරු කරමින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ සිරිත අපට දකින්නට අසන්නට ලැබේ.
අපේ රටේ නිදහස…?
වසර හැත්තෑවකට පෙර බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත්තද අන් අයගේ නිදහසට නිසිලෙස තවමත් ගරු නොකරන ජාතියක වී නම් ඒ අපේ අතිමහත් වූ ශ්‍රී ලංකාකේය ජාතියම වේ. මීට වසර හැත්තෑවකට පෙර සිට මෑතකාලීන පාරවල් අවහිර කිරීම සහ තෙල් ගෑස් සඳහා අරගලය දක්වා අපි තවමත් ලංකාවට ආවේණික වන වල් බූරු නිදහස (වෙන සුදුසු වචනයක් නෑ ඉතීම්) වැළඳ ගෙන සිටින්නෙමු. මේ අශිෂ්ට නිදහස අපේ රටේ ඉහළ සිට පහළ දක්වාම සෑම විටම මෙන් භාවිත කරයි.
මොහොතක් නතර වී සිතන්න…
![](https://buzzer.lk/sinhala/wp-content/uploads/2022/06/istockphoto-938329838-612x612-1.jpg)
උසස් අධ්‍යාපනය හදාරන සම-හරක් සිසුන් (නිදහස් අධ්‍යාපනය විකුණාගෙන කන කොට්ඨාශය) එලි බහින්නේ හරියට සවස 3 හෝ 4ට විතර, පාරවල් අවහිර කරගෙන, අනෙක විදි සටන් පාට කියාගෙන ඔවුන්ගේ සාමකාමී උද්ගෝෂණය (සාමකාමී කියා යැයි පවසයි) සවස 4ට 5ට නිවෙස් බලා යන රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම සේවකයන්, එදාවේල හම්බ කරගන්න වෙරදරන අහිංසක කම්කරුවාගේ සිට ටැක්සි රියදුරා දක්වා සියලු දෙනාගේ නිදහසට බාධා කරමින් පැවැත්වීම සහ, සන්ද්‍යාවේ 5 පමණ වන විට උද්ඝෝෂණයේ උද්වේගකර මොහොතේදීම නැතහොත් මුරකාවල් බිඳ ඉදිරියට ගමන් කිරීමට ගොස් පොලිසියේ කඳුළු ගැස් සහ ජල ප්‍රහාර භුක්ති විඳීමට සිදුවීමත් එනිසාම දෛනික කටයුතු නිමවා නිවෙස් බලා යන හුදී ජනයාටත් එම කඳුළු ගැස් සහ ජල ප්‍රහාර භුක්ති විඳීමට සිදුවීමත් අනෙකාගේ නිදහසට බාධා කිරීමක් නොවේද? නමත් ඔවුන්ගේ නිර්වචනය සහ දවසේ ජයග්‍රහණය අපේ මේ අරගලය නිදහස් අධ්‍යාපනය වෙනුවෙනි යන්නයි. නමුත් එම ක්රියාදාමයේ කිසිඳු නිදහසක් දක්නට තිබෙනවද? හුදෙක් වෙන අයකුගේ නිදහස වෙනුවෙන් තවකෙනෙකු බිල්ලට දීමේ ප්‍රතිපත්තිය නොවේද?
මේ එකක් පමණි. ශ්‍රී ලංකාවේ මෙවන් සිදුවීම් රැසක් අපිට දක්නට ලැබේ.
- දොස්තරවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ නිදහස වෙනුවෙන් රෝගීන් බිල්ලට දීම.
- ප්‍රවාහන ගැටළු වෙනුවෙන් බස්, කොච්චි සංගම් මගින් ජනතාව බිල්ලට දීම.
- ගුරුවරුන්ගේ නිදහස වෙනුවෙන් පාසල් ළමුන් බිල්ලට දීම.
- රජයේ අනෙකුත් සංස්ථා හෝ දෙපාර්තමේන්තුවල රැකියාව කරන සියලු දෙනාගේ නිදහස වෙනුවෙන් ජනතාව බිල්ලට දීම.
ඒවගේම මෑතක සිට තෙල් ගෑස් නොමැතිවීම නිසා මහජනතාව මාර්ග අවහිර කර තමන්ගේම පිඩිත පන්තියේ අනෙක් ජනතාවගේ නිදහස බිල්ලට දීම.හුදෙක් වෙන අයකුගේ නිදහස වෙනුවෙන් තවකෙනෙකු බිල්ලට දීමේ ප්‍රතිපත්තිය ඇති කලේ කවුද?
ප්‍රථමයෙන් ලංකාව තුල ක්‍රියාත්මක කරන කුහක, ප්රචන්ඩ සහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොන් මජර දේශපාලය සහ වසර හැත්තෑ ගණනක් තිස්සේ එම දේශපාලන බීජ වැපිරූ අය ප්‍රධාන වගකීම ගත යුතුවේ.
ඒවගේම රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ළමයට මුල සිට මේවා ඔලුවට කාවැද්දවීමට ක්‍රමයක් නොමැති වීමත් මනසින් උසස් දරුවෙක් නිර්මාණය කිරීමට මනසින් උසස් ගුරුවරු අතලොස්සක් පමණක් මේ අද්යාපන ක්‍රමය තුල සිටීමත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.දැන් අපි පටන් ගත යුතු කාලයයි, අනෙකාගේ නිදහසට සහ අනෙකාට ගරු නොකරන ජාතියක් සිටින තාක්කල් රටක් වශයෙන් අපිට දියුණු විය නොහැක. දියුණුව යනු හුදෙක් ආර්ථික වශයෙන් නොව සමාජීය වශයෙනුත් සමාන්තරව රටක් දියුණු වීමයි. ඒසඳහා දැන්සිටම අඩිතාලමක් අනිවාර්යයෙන් දැමිය යුතු වේ.
ශ්‍රී ලංකාව අරගලයකින් වෙනස් කරන්න හදන ඔබ, මදකට කල්පනා කරන්න ශ්‍රී ලංකාවේ මහාමාර්ග වල ගමන් ගන්න රියදුරන්ගේ විනය සහ හැසිරීම…
එවන් ජාතියක මිනිසුන් සිටිනා තාක්කල් ශ්‍රී ලංකාව දියුණු කල නොහැක. අරගලයක් උනත් අනෙකාගේ නිදහසට බාධා නොවන අයුරින් කරන්න ඒ පිලිබඳ සවිඥානික පරපුරක් සිටිය යුතුයි. වෙන රටවල අරගල උදාහරණයට ඇරගෙ සමාජ මාධ්‍යවල නොයෙක් සිහින ලෝකවල සිටියත් ඒ අරගලකරුවන් ජයගත්තේ සියලු දෙනා එක්ව එක අරමුණක් කරා ඒ අරගලය මෙහෙයවීමෙන් මිසක් බෙදීම් ඇතිකරගෙන නොවේ. ඒ අනිකාගේ නිදහසට ගරු කිරීමෙන්. විරුද්ධ මත දැරීමටත් නිදහසක් අනෙකට තිබිය යුතුයි. ඒ නිදහස් අයිතිය හඳුනා නොගන්න කිසිදු අරගල කරුවෙක් අරගලයට කරන්නේ හානියක් මිස ජයග්‍රහණයක් එක කරන්නේ නැත.ඒ නිසා අනෙකාගේ නිදහසට ගරු නොකරන සමාජයක ප්රජාතන්ත්රවාදය කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. එය කතා කිරීමත් එක්තරා අන්දමක ජෝක් එකකි.
ඒ නිසා අපි පටන් ගත යුත්තේ අපේ ගෙදරින්. අනෙක් එක හදන්නට මත්තෙන් තමන් හැදෙන්න යන්න ප්‍රසිද්ද කියමනකි. එසේනම් ගෙදරින් පටන් ගන්න, ඔබේ දරුවට අනෙක් යට ගරු කිරීම සහ නිදහස යන්න කියා දෙන්න. අපි හැදුනොත් රටක් හැදේ. නැත්තම් සමජ්ජාතියකට මේ රට ගොඩ ගත නොහැක.
කතෘ නොදනී.