පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share.
Leave A Reply

Exit mobile version