අද (20) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ස්තූතිය පළ කර තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු අවසන් වී නැවතත් පැමිණෙමින් සිටියදී තම නිල රථයෙන් බැස මෙලෙස සිය ස්තූතිය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා සඳහන් කළේ.
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට කැප වු සෑම කෙනෙකුටම තමන් බෙහෙවින් ස්තුතිවන්ත වන බවද එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.



