අලුතින් පත් වූ අමාත්‍ය මණ්ඩලයට අයත් අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
මෙතෙක් අමාත්‍යවරුන් පත් කර නොමැති නව අමාත්‍යාංශ කිහිපයකටද විෂයන් වෙන් කර තිබෙනවා.
තාක්ෂණ, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම්, වරාය, නාවික හා ගුවන් සේවා සහ ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශ සඳහා තවමත් අමාත්‍යවරුන් පත් කර නොමැත.
ගැසට් පත්‍රයට අනුව කිසිදු අමාත්‍යවරයෙකු යටතට පත් නොකළ රාජ්‍ය ආයතන තවදුරටත් ජනාධිපතිවරයාගේ විෂය පථය යටතේ පවතිනු ඇත.
වැඩිදුර බැලීමට: https://www.newswire.lk/wp-content/uploads/2022/07/Gazette-Ministry-scopes-functions.pdf