අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු වැඩි කෙරේ. ඒ අනුව අවම දුම්රිය ගාස්තුව රුපියල් 10 සිට රුපියල් 20 දක්වා ඉහළ යනු ඇත.
දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බව රජයේ මුද්‍රණාල ප්‍රධානී ගගනි ලියනගේ මහත්මිය සඳහන් කළාය.
දැනට දුම්රිය අය කරන්නේ බස් ගාස්තුවෙන් සියයට 20ත් 24ත් අතර ප්‍රමාණයක් පමණයි. වැඩි කළ දුම්රිය ගාස්තුව දැනට පවතින බස් ගාස්තුවෙන් අඩකටත් වඩා අඩුය.
ඩීසල් මිල ඉහළ යාමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඒත්, අපේ ආදායමේ ලොකු වැඩිවීමක් නැහැ. මගීන් දැනටමත් අවම මුදලකට මෙම සේවාව භාවිතා කරයි,” ඔහු පැවසීය.
දුම්රිය ගාස්තු වැඩි කිරීමට දෙපාර්තමේන්තුවට අවසර දෙමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ එබැවිනි,” ඔහු වැඩිදුරටත් පැවසීය.