දිවයින පුරා සිදුකල වැටලීම් 31 කදී සැකකරුවන් 33 දෙනෙකු නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම යන කරුණු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මෙම වැටලීම්වලින් ඒ අනුව පෙට්‍රල් ලීටර් 1,110 ක්, ඩීසල් ලීටර් 1,441 ක් සහ භූමිතෙල් ලීටර් 9 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සදහන් කළේ.
එසේම පසුගිය දිනවල ඉන්ධන පෝලිම්වල නොසන්සුන්කාරී ලෙස හැසිරුණු තවත් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.