මහ කන්නයේ වගා කරන ගොවීන් සඳහා මෙට්ට්‍රික් ටොන් 12,000 ක පොහොර තොගයක් තවත් සති කිහිපයකින් මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව මහ කන්නයට අවශ්‍ය පොහොර නිසි වේලාවට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වී වගාවට අමතරව අනෙකුත් බෝග වගා සඳහා ද පොහොර ගොවීන්ට ලබාදෙන බවත් පෙර තිබුණු මිලට වඩා අඩු මිලකට එම පොහොර ලබාදීමට පෞද්ගලික අංශය එකඟතාව පළකර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version