සෙනසුරාදා (09) රාත්‍රියේ මාධ්‍යවේදීන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ ආරක්ෂාව භාරව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, ආයතන සංග්‍රහයෙන් පොලිස්පතිවරයාට පැවරී ඇති බලතල අනුව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතා විශේෂ කාර්ය බළකායේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ අධ්යක්ෂවරයා විය.