දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් 18 දා බකිංහැම් මාළිගයේ දී පවත්වා තිබෙනවා.
ඊට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරත වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්රමසිංහද මෙම අවස්ථාව සඳහා එක්ව තිබෙනවා.