ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට තරග ගාස්තුවෙන් 10%ක දඩ මුදලක් නියම කර තිබෙනවා

ඒ ඇය ඉකුත්දා දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පැවති තරගයේදී චර්යා ධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම හේතුවනි.

ඒ හේතුවෙන් චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු වී තිබෙනවා.

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිඩිකාවක් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version