ලබන 30 වනදා දක්වා වෙළෙඳපොළට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීම සීමාසහිතව සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව හෙට (28) සහ අනිද්දා (29) දිනයන්වලදී සිලින්ඩර 42,000 බැගින් නිකුත් කරන බවයි එම සමාගම පවසන්නේ.

දෙසැම්බර් උත්සව මාසය සඳහා වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි ගෑස් ලබාදීම සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 34,000ක් ඇනවුම් කර ඇති බවත් ඉන් ප්‍රථම නෞකාව නොවැම්බර් 30 වනදා මෙරටට පැමිණෙන බවත් එම සමාගම පවසනවා.

Share.
Leave A Reply

Exit mobile version