කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම එන්නත් වැඩසටහන තුළ වයස අවුරුදු 20 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා පළමු සහ දෙවන බූස්ටර් මාත්‍රාත්, වයස අවුරුදු 12-19 අතර ළමුන් සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රාත් ලබාදී ඇති බවට තරවුරු කර ගැනීමෙන් අනතුරුව බූස්ටර් එන්නත් ලබාදීමද සිදු කිරීමට නියමිතයි.

මෙම සායන පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා විවෘතව පවතින අතර දිවයිනපුරා සෑම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා රෝහල්වලදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version