කොවිඩ් අරමුදලේ තැන්පතු වලින් රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03) උදෑසන කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇතැයි වාර්ථා වේ.

මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය බොහෝ දුරට පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version