ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව විසින් නිකුත් කළ නිර්දේශ සහිත වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීම ලබන 1 වැනිදා දක්වා වළක්වමින් අභියාචනාධිකරණය පසුගිය 20 වැනිදා නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හා ලේකම් මොහාන් සිල්වා යන මහත්වරුන් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රමුඛ ක්‍රීඩා බලධාරීන්ට එම නියෝගය නිකුත් කළේය.

මෑතකදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී එම පංච පුද්ගල කමිටු වාර්තාව තමන් වෙත ලැබුණේ පෙරදින පස්වරු 4.00 ට පමණ වන බැවින් එය අධ්‍යයනය කර ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බැවින් ඒ සඳහා දින ලබාදෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version