සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල්වල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සිකුරාදා දින මාන්කුලම් ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු ද, සෙනසුරාදා බණ්ඩාරගම, අත්තනගල්ල, ගල්ගමුව, ත්‍රිකුණාමලය සහ තංගල්ල ප්‍රදේශවල සැකකරුවන් හත් දෙනෙකු ද, ඉරිදා සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ නොහික්මුණු ලෙස හැසිරීම, සාපරාධී බලහත්කාරය, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, බීමතින් පොලිස් නිලධාරීන්ට සහ පිරවුම්හල්වල සේවකයන්ට තර්ජනය කිරීම හා හානි කිරීමට උත්සාහ කිරීම ය.
මෙම සැකකරුවන්ට එරෙහිව පොලිසිය මගින් නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.