සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය ලකුණු 317 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 390 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 166 ක්, Shubman Gill ලකුණු 116 ක් හා Rohit Sharma ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුලු 2 බැඟින් බිඳ හෙලීමට සමත් වූ අතර චාමික කරුණාරත්න එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 22 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 73 ක් පමණයි.

ලකුණු පුවරුව පහතින්,

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version