උණ්ඩුක පුච්ජය යනු උදර කුහරයේ මහාන්ත්‍රය සමඟ සම්බන්ධ වන කුඩා මල්ලකි . එය උදරයේ දකුනු පස එහි දකින්නට ලැබේ . උණ්ඩුක පුච්චය අපගේ ශරීරය සඳහා කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. එය විශේෂි අවයවයකි.
ඇපෙන්ඩිසයිටිස් හෙවත් උණ්ඩුක පුච්ජ ප්‍රදාහය යනු කුමක්ද?
එය උණ්ඩුක පුච්චය ආසාදන වීමයි. එය උදරයේ වේදනාවට හේතුවක් වේ. මෙයට අමතරව වමනය, ඔක්කාරය මල බද්ධය ,මුත්‍රා දැවිල්ල, බඩ එලිය යෑම වැනි රෝග ලක්ෂණ ද ඇතිවේ. උණ්ඩුක පුච්ජය ආසාදනයට නිශ්චිත හේතුවක් නැත. එය තුළ සිර වූ අසුචි නිසා ද සිදුවිය හැක. එවිට බැක්ටීරියා ක්ෂණිකව උණ්ඩුක පුච්ඡය තුළ වැඩිවේ. උණ්ඩුක පුච්ඡය තදින් ඉදිමී සැරව පිරී යයි. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් උන්ඩුක පුච්චය පිපිරී යා හැකිය. එවිට බැක්ටීරියා උදර කුහරය තුළ පැතිරෙයි . උදර කුහරය ආසාදනය වී මගින් සැරව ගෙඩියක් ලෙස එකතු වේ.
උණ්ඩුක පුච්ඡය ශල්‍යකර්මයක් මගින් ඉවත් කළ යුතුයි. නිසි ප්‍රතිකාර නොලැබිම මාරාන්තික වේ .
රෝග ලක්ෂණ
උන්ඩුක පුච්චය අසාදනය ඇතැම් විට ඉහත සදහන් කළ රෝග ලක්ෂණ නොමැතිව වුවද ඇති විය හැක.
රෝග විනිශ්චය
රෝග විනිශ්චය පැමිණිමෙදි රුධිර පරික්ෂා (FBC,CRP),(SCAN{ULTRASOUND ABDOMEN ,CECT ABDOMEN}) මුත්‍ර පරීක්ෂා සිදුකරයි. ඉහත සදහන් පරීක්ෂණ වලින් උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය ඇති බව 100% ක් තහවුරු නොකෙරේ. රෝග විනිශ්චය ලබා ගත යුත්තේ පළපුරුදු වෛද්‍යවරයකු විසිනි. ඇතැම් විට ශල්‍යකර්මයක් අතරතුරදී වුවද රෝග විනිශ්චය වෙනස් විය හැක.(ඩිම්බ කෝෂ ගැටලු)
සංකුලතා
මෙය බහුලව සිදු කරන ශල්‍යකර්මය නමුත් සංකූලතා ඉහළ මට්ටම දක්නට ලැබේ.
තුවාල පැසවීම
උදර කුහරය තුළ විෂබීජ පැතිර යාම හා උදරය තුළ සැරව ගෙඩියක් හට ගැනීම, ඩිම්බ දිගු කලකට පසු ශල්‍යකර්මය නිසා හෝ විෂබීජ නිසා ඇති වූ කැළැල් වටා බඩවැල් එතිම , උදර වේදනාව ,වමනය, මලපහා සිරවිම යනාදියයි.
මෙය සම්පූර්ණයෙන් සිහිනැති කොට සිදුකරන ශල්‍යකර්මයකි. එම නිසා සිහි නැති කිරීම හා නැවත සිහිගැන්වීම ඇතිවන සංකූලතා සලකා ද බැලේ.
ප්‍රතිකාර
උණ්ඩුක පුච්ඡය පුපුරා යෑමේ අවදානමක් ඇත්නම් ශල්‍යකර්මය සිදුකිරීම අනිවාර්ය වේ . මෙය දැනටමත් පුපුරා බඩවැල් ඇලී ඇත්නම් පළමුව ප්‍රතිජීවක ඖෂධ සති කිහිපය පමණක් ලබාදී බඩවැල් ඇතිවූ සැරව ගෙඩි ප්‍රමාණය කුඩා වේ දැයි නිරීක්ෂණය කිරීමත් පසුව ශල්‍යකර්මයක් සිදුකිරීමට තීරණය කිරීමත් සිදුකරයි.
මෙය බොහෝ විට හදිසි ශල්‍යකර්මයක් වේ. ශල්‍යකර්මයක් සිදුකිරීමට පෙර රෝගියාගේ කැමැත්ත ලබා ගැනීමත් එය ඉහ අැඳ පතේ සටහන් කිරීමත් සිදුකරයි. ශල්‍යකර්මය සිදුකිරීමට පෙර ආහාර නියමිත කාලයකදී ආහාරපාන ගැනීමෙන් වැළකීම සිදුකළ හැකි නම් වඩාත් වැදගත් වේ. නමුත් හදිසි අවස්ථා වලදී ඒ පිළිබඳව නොසලකිය හැක. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.