ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථාන වල තිබී හඳුනා ගැණුනු සහ ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් රහසිගතව හෝ පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් හිටපු මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙතට ප්‍රකාශ කළේය.

යම් ආකාරකින් ඔවුන් වරදකරුවන් යැයි ඔප්පු වුවහොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා ඔවුන්ගේ පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version