අවිධිමත් ලෙස විදේශ මුදල් ගනුදෙනු කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙනවා.
නීතී විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ කණ්ඩායමක් මේ සඳහා පොලිස්පතිවරයා විසින් පත්කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
එම කණ්ඩායම මඟින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විදේශ මුදල්වල මූලාශ්රය හෝ උපයාගත් ආකාරය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කිරීමට නියමිත අතර මහ බැංකු නිලධාරීන් සමඟ එක්ව විමර්ශන කටයුතු සිදු කිරීමටද නියමිත බවයි පොලීසිය ප්රකාශ කළේ.
විදේශ විනිමය ලැබීම සැලකිය යුතු මට්ටමෙන් පහළගොස් ඇති අතර ඊට හේතුවී ඇත්තේ බැංකු පද්ධතියෙන් බැහැරව අවිධිමත් ක්රම හරහා විදේශ මුදල් හුවමාරුව බවයි සඳහන් වන්නේ.