විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය කඩා වැදී ඇත. ඉන්ධන අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් දහස් ගණනක් තවමත් බස් රථ, ලොරි සහ දුම්රිය හරහා එම ස්ථානයට පැමිණෙමින් සිටිති. ගාලුමුවදොර පිටිය අවට සංඥා ප්‍රබලත්වය නරක අතට හැරී ඇති අතර පොලිසිය සහ හමුදාව විසින් ක්‍රියාමාර්ග කිහිපයක් ගත් නමුත් තවමත් සියල්ල අසාර්ථක වී ඇත.
මාතර සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා මීට ටික වේලාවකට පෙර දුම්රියක් පැමිණ ඇති අතර මහනුවර සිට පැමිණි දුම්රියක් වනවාසල ස්ථානය පසුකර කොටුව දුම්රිය ස්ථානය ආසන්නයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.