හෙට (15) උදෑසන 10ට නව අග්රාමාත්ය ධූරය සඳහා වන නම කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සජබ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා පවසා සිටිනවා.
අද (14) දිනයේ එම කරුණ පිලිබඳ තීරණය කිරීම සඳහා ආණ්ඩුවේ සහ විපක්ෂයේ විවිධ පක්ෂ සමඟ සාකච්ඡා පවත්වන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ.
සියලු පක්ෂ වලින් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්රාමාත්යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ කතානායකවරයාට මීට පෙර දවසක දැනුම්දී තිබුණා.